ඔන්න මම අද කියන්න යන්නේ සාමජජාලයකින් සල්ලි හොයාගන්න විදිහක් ගැනයි ,



Tsu,. මේ එම පෙරළිකාර සමාජ ජාලයේ නමයි.
ඔක්තොම්බර් 14 වනදා සාමාජිකයන් කිහිපදෙනෙකුගේ එකතුවෙන් බිහි වූ මෙම වෙබ් අඩවිය මේ වන විට සාමාජිකයන් රැසක්ද සමඟින් ලොව කතා බහට ලක්වූ මාතෘකාවක් බවට පත්වී හමාරය.
 2013 වසරේ Tsu සමාගම බිහිවූ අතර, වෙනත් සමාජ ජාල හා මෙහි ඇති වෙනස්කම වන්නේ වෙනත් සමාජ ජාල මෙන් නොව මෙමඟින් සිය සාමාජිකයන්ට මුදල්මය ත්‍යාග පිරිනැමීම සිදුවීමයි.
                        

 Facebook වැනි වෙබ් අඩවි තුල ඔබ පැය 24ම ගත කලත් ඔබට මුදල්මය හෝ වෙනත් ත්‍යාග ලබා දීමක් නොමැති වුවත් , Tsu සිය සාමාජිකයන් එහි ගත කරන කාලයට යම් වටිනාකමක් දෙන්නට කටයුතු කරති. 

එසේම මෙහි ගිණුමක් සාදාගත හැක්කේ ඔබ එහි දැනටමත් සාමාජිකයකු බවට පත්වී සිටින ඔබගේ මිතුරෙකුගේ ගිණුමෙහි short code එක දන්නේ නම් පමණි.
මෙම short code යන්න අදාළ මිතුරාගේ ගිණුමේ URL එක හා සබැඳි එකකි. ඔබ සතුව එය ඇත්තේ නම්, ඔබට ඔබගේම Tsu ගිණුමක් ආරම්භ කල හැකියි. 



මෙහි මුදල් ඉපයීමේ තර්කය ඉතාම සරල එකකි. 
ඔබගේ ගිණුම තුල ඔබ share කරන හෝ post කරන යමක් ඔබගේ මිතුරන් තව තවත් share කරන්නේද, ඔබ උපයා ගත හැකි මුදල වැඩි වේ. 
ඔබ ඒ අදාළ post එක ඔබේ ගිණුමේ ප්‍රදර්ශනය කර ඇත්තේ ඔබගේ මිතුරන් නොවන අයටද දැකිය හැකි පරිදි නම්, ඔවුන්ටද එය share කල හැකිය. 
එනම් ඔබට ලැබෙන මුදල තව තවත් ඉහල යාමට එය හේතු වේ.
ඔබ ඉතාම සමාජශීලී මෙන්ම ගුණාත්මක බැවින් යුතු post වර්ග සිය ගිණුම තුල දක්වයි නම්, ඔබට වැඩි මුදලක් උපයා ගත හැකිය. 
එනම් මිතුරන් බහුල , සේම කෙනෙකු share කරන්නට පෙළඹෙන post නිර්මාණය කරන කෙනෙක්ට Tsu මඟින් ඉතා හොඳ ආදායමක් ලබා ගත හැකිය. 

Tsu එක්තරා ආකාරයක විසල් පවුලක් වැනිය. ඔබගේ මිතුරන්ට Tsu වෙත එක් වන්නට ඔබට ආරාධනා කල හැකිය.
 යමෙකු ඔබගේ short code එක භාවිතයෙන් Tsu වෙත එක් වී ගිණුමක් සෑදුවහොත් ඔවුන් ඔබගේ "දරුවන්" (children) බවට පත්වේ. 
එසේම ඉන්පසු ඔවුන්ගේ ආරාධනාව පිට , ඔවුන්ගේ short code භාවිතයෙන් Tsu වෙත එක් වන අය ඔබගේ "මුනුබුරු/මිනිබිරියන් " (grandchildren) බවට පත්වේ.
 Tsu හැමවිටම අවධානය යොමු කරන්නේ එහි අන්තර්ගතයන් පිලිබඳවය. 
මෙහි ඇල්ගොරිතමය ස්වයන්ක්‍රියව එහි සාමාජිකයන්ගේ තොරතුරු, ඔහුගේ/ඇයගේ "දරු මුණුපුරන්ගේ" විස්තර ආදී සියල්ලක් කෙරෙහිම අවධානය යොමු කරමින් එහි මනා පැවැත්ම තහවුරු කරයි. 
මෙම වෙබ් අඩවියට අවැසි වන්නේ ඔබ විසින්ම ජාලයක් (network) නිර්මාණය කර, එය ඔබ විසින්ම පාලනය කරමින් ඔබ විසින් post කරන ලද ඔබට අයිති අන්තර්ගතයන් සඳහා ආදායම් ලබා ගැනීමයි. 

Tsu, තම වෙබ් අඩවියේ පල කරන වෙළඳ දැන්වීම් ආදියෙන් ඉපැයෙන මුදලින් තමන් සතු කරගන්නේ 10%ක කොටසක් පමණි.
 ඉතිරි 90%ම ඔවුන් ලබා දෙන්නේ එය නිර්මාණය කල පුද්ගලයන්ටත්, එය share කරන පුද්ගලයන්ටත්ය. 
මෙහි ක්‍රියාකාරිත්වය මෙසේ උදාහරණයකින් පැහැදිලි කල හැකියි. Tsu උපයන ඇමෙරිකානු ඩොලර් සියයක අදායමක් සලකන්න. එයින් 90%ක් හෙවත් ඩොලර් 90ක්ම ලබා දෙන්නේ එහි පාරිභෝජකයන්ටය. 
ඉහත ආදායම ලබා දුන් අන්තර්ගතය යලි යලිත් share වන විට එය එක් රටාවකට විභේදනය වෙමින් අදාළ මුදල සාධාරණව පාරිභෝජකයන් අතර බෙදී යයි.
 අදාළ අන්තර්ගතය නිර්මාණය කරන ලද තැනැත්තාට ඉහත 90%න් , 50%ක් ලබා දේ. 
එනම්, මේ උදාහරණයට අනුව එය ඩොලර් 45කි. එය share කරන පළමු තැනැත්තාට ඉහත 90%න් 33.3%ක ප්‍රතිශතයක් ලැබේ.
 එනම් මෙයට අනුව ඩොලර් 29.70කි. පළමු පුද්ගලයාගෙන් එය share කරන පුද්ගලයාට 11.1%ක ප්‍රතිශතයක්ද ඔහුගෙන් එය share කරන්නාට 3.70%ක ප්‍රතිශතයක්ද ලැබෙන අතර, ඉහත උදාහරණයට ඔවුන්ට ලැබෙන මුදල් පිලිවෙලින් ඩොලර් 9.99ක් හා ඩොලර් 3.33කි. 
මෙම ආදායම් ඉපයීමේ හා බෙදී යාමේ ක්‍රමය ඇත්ත වශයෙන්ම ඉතාම සරල හා සාධාරණ එකක් වන අතර, වෙනත් සමාගම් මඟින්ද අනුකරණය කිරීමට තරම් වටිනා එකකි. 
Tsu වෙබ් ජාලයට අවශ්‍ය වන්නේද සිය පාරිභෝජක ජනතාවට තමන් නිර්මාණය කරන යම් ගුණාත්මක බැවින් යුතු අන්තර්ගතයකට දිය හැකි උපරිම සාධාරණත්වය හා ඇගයීම ලබා දීමයි.
 Tsu බිහිවී ගතවූ දෙසතියක වැනි කෙටි කාලයක් තුල එය ලබා ඇති ජනප්‍රියතාවය ඔවුන්ගේ ඉහත ආදායම් ක්‍රමයේ ඇති මනා පැවැත්ම තව තවත් තහවුරු කරන්නකි. 
ඔබ like හෝ share කරන අන්තර්ගතයන් සඳහා ඔබගේ ආදායම් මට්ටම දක්වන ප්‍රස්ථාරය ශත ගණනකට වෙනසකට වඩා මහා විචලනයක් දක්වන්නේ නැති බව ඔබට දිස් වනු ඇතත්, ඔබ විසින්ම නිර්මාණය කරන ලද ගුණාත්මක අන්තර්ගතයක් හමුවේ එය ඉතා සීග්‍ර ලෙස වෙනස් වනු ඇති බව ඔබටම වැටහෙනු ඇත. 
Tsu මඟින් පරිභෝජකයන් පමණක් නොව එහි වෙළඳ දැන්වීම් දක්වන ආයතනද හොඳ ආදායමක් ලබා ගනු ඇති අතර, එම වෙළඳ දැන්වීම් වල ප්‍රදර්ශනය කරන නිෂ්පාදනයන් කෙරෙහි පාරිභෝගික ජනතාවගේ නිරන්තර අවධානයද ලැබෙනු ඇත. 


නිකරුනේ අපතේ යවන සිය කාලයෙන් බිඳක් ගෙන තමන්ට මෙන්ම තම මිතුරන්ටද වැදගත් විය හැකියි සිතන යම් මාතෘකාවක් යටතේ ගුණාත්මක අන්තර්ගතයක් නිර්මාණය කර එය බෙදා හදා ගනිමින් හොඳ ආදායමක් ලබන්නට කැමති අයෙකුට සරිලන ලෙස බිහි කරන ලද Tsu , ඔබගේ හැකියාවන්ට, ඔබගේ කාලයට මෙන්ම අන්තර්ජාලයේ සැරිසරන්නට ඔබ වැය කරන දත්ත වලට මහඟු මිලක් මෙන්ම , ඇගයීමක්, වටිනාකමක් එක් කරනු නියතය.

මේ වෙනත් සමාජ ජාල වලින් මදකට මිදී Tsu වෙත අවධානය ලබා දිය යුතු කාලයයි. 

නිකරුනේ අපතේ යවන කාලයෙන් ඔබටත් ප්‍රයෝජනවත් සාමාජ ජාලයක් ගොඩනංවා ආකර්ෂනීය හා නිර්මාණශීලී දෑ එතුලින් බෙදා හදාගන්නට කැමතිනම් දැන්ම ඔබටත් 

www.tsu.co වෙබ් අඩවියට පිවිස එහි පහලින්ම ඇති Sign up ලබා ගන්න මෙම ජාලයට ඇතුළුවීම ඔබට සෘජුවම සිදුකල නොහැකි අතර ඒ සඳහා ඔබට මිතුරෙකුගෙන් ඇරයුමක් අවශ්‍ය වේ .



මෙහි ඉහල ඇති කොටසට අප ඔබට ලබාදෙන මෙම invitation Code හෝ invitation url එක එනම් (https://www.tsu.co/nirmal1)ලින්ක් එකට ගිහින්  Sign up ලබා දෙන්න ඊලඟට පැමිනෙන තිරයේදී ඔබේ නම සහ අනෙකුත් විස්තර ලබා දීමෙන් ඔබට TSU පිටුවක් හිමි වේ.
 එයට ඔබේ ෆේස් බුක් ගිණුමේ සිටින මිතුරන් එක් කර ගැනිමට Invite friend කේතයක් ඔබේ පිටුවෙන්ම ඔබටත් ලබාගත හැකිය . TSU හා එක්වීමට රිසි ඔබේ මිතුරන්ට ඔබ ලබා දිය යුත්තේ එලෙස ගත් කෝඩ් එකයි. 






Post a Comment

sinhala computer trickz

 
Top